අගෝස්තු 22, 2019
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව ආරම්භ වෙයි- සාක්ෂි විමසීමට රාජ්‍ය පරිපාලන ලේකම් කැඳවයි

    ජූනි 13, 2019

    පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා  බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනටයි. ඒ අනුව  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ
    ප්‍රධානත්වයෙන් කාරක සභාව ඇරඹිණි.

    රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පළමුව සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. මීට පෙර පැවැති කාරක සභාවන් සඳහා නියෝජ්‍ය කතානායකවරයා සහභාගී නොවූ අතර අද සහභාගී වන්නේ  ප්‍රථමවරටය.කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා ද සාක්ෂි දීමට නියමිතය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya