අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළං තත්ත්වය සහ වැසි තත්ත්වයේ වැඩි වීමක්

    ජූනි 13, 2019

    දිවයින හරහා,විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.අනුරාධපුර, යාපනය, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya