මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයක් වාරියපොල ස්ථාපිත කරයි

    ජූනි 12, 2019

    පසු අස්වනු හානිය අවම කිරීමේ අරමුණින් පසු අස්වනු තාක්ෂණ කළමණාකරණ ආයතනයක් පසුගිය දා කුරුණෑගල වාරියපොල ආර්ථික මධ්‍යස්ථන පරිශ්‍රයේ ස්ථාපිත කෙරිණ.

    මෙම ආයතනය මගින් වී ඇතුළු ධාන්‍ය භෝගවල තත්ව පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, පෝෂණීය සහල් නිෂ්පාදනය , සහල් මෝල් සහ සහල් පිටි නිෂ්පාදනය,සහල් ආශ්රිෂත අගය එකතු කරන ලද ආහාර නිෂ්පාදනය,හබලපෙති හා ඒ ආශ්‍රිත ආහාර නිශ්පාදන තාක්ෂණය , පළතුරු සැපයුම් කළමනාකරණය , පළතුරු ආශ්‍රිත අගය එකතු කරන ලද ආහාර නිෂ්පාදනය , හබලපෙති හා ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනය , එළවළු සැපයුම් කළමනාකරණය , කුළුබඩු නිෂ්පාදනය , ආහාර ඇසුරුම්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.

    පළතුරු වෙළදාමේ දි එයින් 30 % ක් හානි වන බවත් , පළතුරු ඉදවීම සඳහා යොදා ගන්නා අහිතකර ද්‍රව්‍යවලින් එහි ගුණාත්මක බව පහළ වැටෙන බවත් , මෙය වළක්වා සෞඛ්‍යාරක්ෂිත ලෙස ඇසුරුම් කළ පළතුරු වෙළදපොලට ලබා දීමට අවශ්‍ය පහසුකම් සැළසීම අස්වනු තාක්ෂණ ආයතනයන් බලාපොරොත්තු වන බව පසු අස්වනු තාක්ෂණ ආයතනයේ ව්‍යාපෘති නිලධාරි මහින්ද හේරත් මහතා ප්‍රකාශ කරයි.

    මේ සදහා මොරගොල්ල ප්‍රදේශයේ අඹ නිෂ්පාදන ගම්මානක් ආරම්භ කර ඇති අතර පැපොල් නිෂ්පාදන ගම්මානයක් අඔන්පොල වලලිය ප්‍රදේශයේ පිහිටුවා ඇත. පේර නිෂ්පාදන ගම්මානයක් පොල්පිතිගම ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. මෙහිදී පළතුරු නෙලීමේ උපකරණ , ඉදවීමේ කුටීර , පළතුරු ප්‍රවාහනයට සුදුසු ඇසුරුම් ලබා දීම පසු අස්වනු තාක්ෂණ ආයතනයයෙන් මෙම ආයතන වලට ලබා දෙයි.
    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya