අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමකත්වයට එරෙහිව දිනය වෙනුවෙන් විශේෂ වැචසටහන් රුසක් - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

    ජූනි 12, 2019

    ''ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු'' යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

    ළමා අපයෝජන හා විවිධ සමාජ,ආර්ථික,ගැටලු හේතුවෙන් වින්දිත,ආන්තික හා ආනාරක්ෂිතභාවයට පත් වු ළමයිගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිම,ළමයින් ද්විතික වින්දිතභාවයට පත් විම අවම කිරිම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරිමේ අරමුණින් මෙම විශේෂ වැඩසටහනක් දියත් කොට තිබේ.

     මෙයට සමගාමිව මෙහි සමාරම්භක උත්සවය මේ මේ මස (ජුනි) 05 වෙනි දින මුලතිව් දිස්ත්‍රික් ලේකම්කා ර්යාලයේ දි පවත්වනු ලැබිණි.

    එහි දි මුලතිව් දිස්ත්‍රික්කයේ ළමයින් 70 සඳහා බෑග්,පොත් ඇතුළු අධ්‍යපනික උපකරණ බෙදාදිම සිදු කරනු ලැබු අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,එහි සේවාන්,ළමා අපයෝජන හා ඉන් ආරක්ෂා වීම,1929 ළමා උපකාරක දුරකතන සේවය මෙන්ම ළමයන්ට අවශය මනෝ සාමාජිය උපදේශනය ලබා දීම හා ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද අත් පත්‍රිකා බෙදා දිමට සිදු කරන ලදි.

    1929 යන දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මෙ ගාස්තු රහිත සේවාවක් වේ. එමෙන් ම 1929 යන දුරකතන අංක යට වාර්ෂිකව පැමිණිලි 9000කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධයෙන් රෙගුලාසි කඩවිම සම්බන්ධ පැමිණිලි වෙයි.

    මෙවැනි සිද්ධින් අවම කර ගැනීම ගැනිමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක යන් අවරණය වන පරිදි පැවැත් විමට අපේක්ෂා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya