මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා පරමාධිපත්‍යය,පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පාවා දෙන්නේ නැහැ- අගමැති

    ජූනි 12, 2019

    ජනතාවගේ පරමාධිපත්‍යයවත් පාර්ලිමේන්තුවේ ස්වාධිනත්වයවත් තමන් කිසි විටෙක පාවා දීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නෑ.බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට මා පත් වි තිබෙන්නේත් මා විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත්,පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි.ඒසේ ම තේරිම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසිනුයි.එබැවින්,එහි කටයුතුවලට මැදිහත්විමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නැතැයි ද අගමැතිවරයා පැවසුවේ, අරලිය ගහ මන්දිරයේ දි සිවිල් සමාජ ක්‍රියාකාරින හා වෘත්තිය සමිති නායකයින් සමඟ ඊයේ(11) පැවැති සාකච්ඡාවේදිය.

    මෙහි දි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු රනිල් වික්‍රමසිංහ මහතා,එම කාරක සභාව පත් කළේ පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂවල එකඟත්වය ඇති ව බවත් කිය. අපි තේරිම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා.ඉන් පළමු වැන්න,රිෂාඩ් බදිඋද්ර්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මනින් තීරණයක් ලබා දිමයි.එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනව ජුලි මාසයේදි විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තිරණයක් ලබා ගැනීම වැදගත් නිසයි.අප ඉල්ලා සිටි දෙවන කරුණ නම් ,බුද්ධි අංශ නිලධාරින් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.

    අප්‍රේල් 21 දා සිද්ධිය ගැන පරික්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත්,එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දි කටයුතු කරන බවත්,අගමැතිවරයා තවදුරටත් කිය. අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සොදිසි මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන සිටින එහෙත් එම සිදු විම් වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරිමට උපදෙස් දී ඇති බවත්,සඳහන් කල ව්ක්‍රමසිංහ මහතා ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් පැවසීය.

    නැනෙහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකිනවා.අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි.මේ රටෙ උපාධි ලබා දෙන ආයතන පිහිටු විමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැඟෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා.ආගම් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා රජය ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු විමට යන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya