අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සාරවත් දේශයක වාපි සංග්‍රාමය” එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 12, 2019

    “සාරවත් දේශයක වාපි සංග්‍රාමය” එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී අද (12) පස්වරුවේ පැවැත් වේ.

    පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය යටතේ සිදු වේ.

    එල්ලංගා පද්ධති මඟින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සද්කාරය 2018-09-21 වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව අසල දි ආරම්භ කෙරිණි.

    එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපය තුළ මේ වන විට අක්‍රීයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹූ ව්‍යාපෘතියකි.

    ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම පිළිබඳ සංවිධානය මඟින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ.

    ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya