නොවැම්බර් 23, 2019
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව රැස්වෙයි

    ජූනි 11, 2019

    පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11) දින  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් විය.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    මීට පෙර අවස්ථා දෙකක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ තෙවැනි දිනටයි. කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (11) කාරක  සභාව හමුවට පැමිණියේ ය.

    වත්මන් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානි, හිටපු ආරක්ෂක ලේකම්, නිවාඩු ලබා සිටින පොලිස්පතිවරයා මීට පෙර කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya