අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන රජය සතු ව්‍යාවසායක ආයතන සම්බන්ධයෙන් රජය නව ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් තිබෙනවා

    ජූනි 11, 2019

    රාජ්‍ය ආයතන 54 කින් ආයතන 20 ක පාඩුව රුපියල් මිලියන 26000ක් බවත් ජනතාවගේ සුබ සාධනය හා යටිතල පහසුකම් වැනි අංශ දියුණු කිරිට ආයෝජනය කළ හැකි මෙම මුදල් පාඩු ලබන ආයතන නඩන්තු කිරිමට යෙදිම රජයට විශාල බරක් වි ඇති අතර මෙවැනි බරක් දිගට ම දරා ගැනීමට රජයට හැකියාවක් නැති බවත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන රජය සතු ව්‍යාවසායක ආයතන සම්බන්ධයෙන් රජය නව ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් තිබෙන බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    රාජ්‍ය ව්‍යාවසාය ආයතන 10ක් භාණ්ඩාගාරායෙන් ඉවත් කොට ඒවා ස්වාධිනව පවත්වාගෙන යාම සඳහා අභිලාෂ පත්‍ර අත්සන් කිරිම නිමිත්තෙන් මුදල් අමාත්‍යාශයෙ ඊයේ(10) පැවැති උත්සවයේ දි ඇමතිවරයා කිය.

    මුදල් ඇමති මංගල සමවීර මහතා මෙසේ ද පැවසිය.

    විවිධ අනපේක්ෂිත බාධා සහ උපද්‍රව ඇති වුවත් තවමත් රටේ ආර්ථිකය නොසැලි ශක්තිමත් වෙමින් පවතින්නේ පසුගිය අවුරුදු කිහිපය තුළ මේ රජය ඇති කරගත් ඒ වැදගත් වෙනස්කම් නිසා බව කිවයුතුයි.අපේ රටට 2016 දි 2017 දි දැඩි නියඟයකට හා මහා ගංවතුරකට මුහුණ දෙන්නට සිදු වුණා.ඒ වගේම පසුගිය ඔක්තොබර් මාසයේ ඇති වු දේහපාලන අස්ථාවරභාවයත් නිසා රටේ ආර්ථිකය ඒ දින 52 තුළ දි පසුබැමකට ලක් වුණා.ඒ වගේම ආර්ථිකය යළි වතාවක් ශක්තිමත් කරමින් සිටි මොහොතක පසුගිය පාස්කු ඉරිදා ත්‍රාස්තවාදි ප්‍රහාරය නිසා ආර්ථිකය දැඩි පීඩාවකට හා අභියෝගයකට ලක් වුණා.

    මේ සියලු අභියෝග මැද්දේ අපේ රටට බලාපොරොත්ත් වෙන සංවර්ධන අරමුණු ඉටුකළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි විශේෂඥ සංවිධාන දැනටමත් ඔප්පු කරලා තිබෙනවා. ආර්ථික වර්ධන වේගය මේ තර්ජනය නිසා කිසිම ලෙසින් වෙනස් වෙලා නැහැ. සංචාරක අංශය යම් පසුබෑමකට ලක් වෙලා තිබුණත් අපි විශ්වාස කරනවා මේ වසර අවසන්විමට ප්‍රථම ඒ තත්ත්වයත් යථා තත්ත්වය කරා ගෙන ඒමට හැකි වේවා කියලා.

    ඇත්තෙන්ම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දරණ රජය සතු ව්‍යාවසායක ආයතන සම්බන්ධයෙන් රජය නව ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් තිබෙනවා.දැනට රජය සතු ව්‍යාපාර 422 ක් අතරින් ව්‍යාපාර 54 ක් ක්‍රමෝපායික වැදගත් වාණිජ ව්‍යාපාරකයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ක්‍රමෝපායික රාජ්‍ය ආයතන 10ක් ව්‍යාපාරික වශයෙන් ඵලදායි තත්ත්වයට පරිවර්තනය කිරිමට මුලික කටයුතු අද අපි ආරම්භ කරනවා.

    ඇත්තෙන් ම කියනවා නම් මගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් අපි කතා කරපු නියඟය,ගංවතුර හා දේශපාලන අර්බුදය නිසා ඇති වු වෙනස්කම් වගේම දියත් දිගට ම මේ ආයතනවලින් ඇති වූ පසුබිම්වල මිල ගණන් ඇත්ත වශයෙන් ම ගෙවිමට තරම් අමාරුයි.ඒ නිසා ප්‍රමාදවි හෝ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අද මෙවැනි කටයුත්තක් කිරිම ගැන අපි විශේෂයෙන් සතුටු වන්න ඕන.

    මේ රාජ්‍ය හිමිකාරිත්වය තිබෙන රාජ්‍ය වාණිජ ව්‍යාසායික ආයතන 10 සිය සමාගම් අභිලාෂය පිළිබඳ ප්‍රකාශයට පත් කරනවා.මේහි දි මහා භාණ්ඩාගාරයෙන් අදාළ රේඛීය අමාත්‍යාංශ ලේකම් වරුන් සහ එම වාණිජ ආයතනවල සභාපතිවරුන් කාර්ය සාධක අරමුණු ළඟාකර ගැනිමට එකඟතාවය ඇති කර ගන්නවා.ඇත්තට ම කිවිවොත් මහජනතාව අතර රාජ්‍ය හිමිකාරිත්වය තිබෙන වාණිජ ව්‍යාවසායික ආයතන පිළිබඳ යම් නුරුස්නා ගැනිමක් ඇති වෙලා තිබෙනවා. ඒ මොකද සාමහර ආයතන දිගින් දිගටම මහජන මුදල් පාඩු කරන ත්ත්වයන් හුමවේ ඒවා මහජන මුදලින් නංන්තු කරන්නේ ඇයි දැයි මහජනයා අපෙන් අහනවා.

    ඇත්නේම මාත් පෞද්ගලිකව හිතනවා රටේ සංවර්ධනය වගේම සුබ සාධනයට යොදා ගන්න පුලුවන් විශාල මුදලක් මේ ආයතන කිහිපයක් වෙනුවෙන් නාස්ති කරන්නේ කියලා.

    මේ සමහර ආයතන විශාල මහජන සේවාවක් ඉටු කරන අත්‍යාවශ්‍ය සේවාවන් සපයන බව ඇත්ත. නමුත් අපි ආදායම් සහ වියදම් අතර පරතරය බැලුවොත් අති විශාල මුදලක් පාඩුවෙන සංස්ථා,සමාගම් තිබෙනවා.විශේෂයෙන් ම බලශත්කි,ගුවන්සේවා, වාණිජ,වෙළඳාම් අංශ ගත්තොත් මහා භාණ්ඩාරයට වාර්ෂිකව විශාල බරක් දරන්නට සිද්ධවෙලා තිබෙනවා.ඒවගේම ඇත්ත වශයෙන් ශ්‍රි ලංකන් එයාර් ලයින් වගේ සමාගමක් රජයට දරාගන්න පුළුවන් ද කියලා රටක් හැටියට සංවාද කළ යුතු කාලයක් ඇවිල්ලා තියෙන්වා.

    2018 වර්ෂයේ රාජ්‍ය ආයතන 54ක් අතරාන් ආයතන 20 ක පමණ පාඩුව රුපියල් මිලියන 26000ක් ඉක්මවා ගිහිල්ලා තිබෙනවා.ජනතාවගේ සුබ සාධනය, යටිතල පහසුකම් වැනි අංශවලට ආයෝජනය කළ හැකි මුදල් සමහර පාඩු ලබන ආයතන නඩත්තු කරන්නට රජයට වියදම් කරන්නට වෙලා තියෙනවා.ඇත්තෙන් ම මෙවැනි බරක් දිගින් දිගට ම දරා ගැනිමට කිසිම රජයකට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය වාණිජ ආයතන වල පාඩු අවම කර ගනිමින් මහජන මුදල් ඉතිරි කරමින් වඩාත් කාර්යක්ෂ ම හා මහජන හිතකාමි සේවයක් සලසන ආකාරයෙන් ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට අපි උත්සහ දරන්න ඕන. මෙතන දි අදාළ රේඛීය අමාත්‍යාංශ වලටත් අදාළ ආයතනවල සභාපතිවරුන් ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්වත් විශාල වගකීමක් ඒ සම්බන්ධයෙන් පැවරිලා තියෙනවා. ගිවිසුම් ගන වන රාජ්‍ය වාණිජ ව්‍යාවසායයන් තම අභිලාෂ පිළිබඳ ප්‍රකාශ සාර්ථක ලෙස ක්‍රියාවට නංවිමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග,රාජ්‍ය ව්‍යාවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මිහු මෙහි දි අදහස් දැක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya