අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා පවතින සුළං තත්ත්වය ඉදිරි දිනවලත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූනි 11, 2019

    දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයෙන් පවසයි.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    දිවයින හරහා, විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya