අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාං ඔය ජලාශය නිසා ඉඩම් අහිමි වූ තවත් පිරිසකට වන්දි ප්‍රදානය කෙරේ

    ජූනි 11, 2019

    යාං ඔය ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ තවත් පිරිසකට වන්දි ලබාදීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (10) පැවැත්විණි.

    වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ කෘෂිකර්ම,වාරි මාර්ග,ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී .හැරිසන් මහතායි.

    යාං ඔය ප්‍රධාන ඇල මාර්ගයේ වම් ඉවුර ප්‍රදේශයේ ජනතාවට එලෙස කන්න වන්දි ප්‍රදානය කළේ, 2018 හා 2019 කන්නයන් සඳහා ය.
    මෙහිදී පවුල් 113 කට මිලියන හයක මුදලක් වන්දි වශයෙන් ලබා දීම සිදු කෙරිණ. වන්දි ලැබූවන් පදවිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේ. වන්දි ලැබීමට පැමිණි පිරිස  වෙත අමාත්‍යවරයා කියා සිටියේ, වන්දි ලබාදීම ඉතා කඩිනමින් අවසන් කරන බවයි. වන්දි ලබාදීමේ අස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්. එම්. වන්නිනායක, යාං ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර ,යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී විය.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya