අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රාජ්‍ය සේවය ගමට වැඩ සටහන''-ඉදිරියේදී සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි

    ජූනි 10, 2019

    රාජ්‍ය සේවය ගමට වැඩ සටහන ඉදිරියේදී සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලය හා ස්වදේශ හා අභ්‍යන්තර කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට ජංගම සේවා වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික්කයේ හතරවන වැඩ සටහන ඊයේ (9) උකුවෙල් අජ්මීර් මහ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

    උකුවෙල කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 75ක පවුල් 20688ක් තුල ජනගහනය 79405ක් පදිංචිව සිටි. සිංහල දෙමල මුස්ලිම් ජනවර්ග ඒකට ජීවත්වන මෙම ප්‍රදේශයේ පැවැති ජංගම ‌සේවය සදහා පන්දහසක පමණ සේවා ලාභින් ඒක්ව සිටි අතර. රාජ්‍ය ආයතන 75ක් ඔවුන්ට සේවා සැපයීම සදහා මෙම වැඩ සටහන සමග ඒකාබද්ධ විය මෙම උත්සවය ඇමතු සංචාරක වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා සදහන් කළේ රාජ්‍ය සේවය ගම ජංගම සේවා වැඩ සටහන වාර්ෂික අයවැයෙන් මුදල් වෙන්කරගෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒ් වෙනුවෙන් වෙනම ඒ්කකයක් ඇති කොට වර්ෂයක් පාසා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ගෙන යායාතු බවයි.

    එපමණක්නොව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමටම මෙම සේවාව ගෙනයා හැකි නම් ග්‍රාමීය ජනතාවගේ ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදිමට ඒය හේතුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    උත්සවය ඇමැතු ස්වදේශ හා අභ්‍යන්තර කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා පැවැසුවේ රාජ්‍ය සේවය ගමට වැඩ සටහන අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන අතර එය ඉදිරියේදී සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අඛණ්ඩ ක්‍රියාත්මක කරමින් ජනතා ගැටලුවලට කඩිනම්වි සදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

    නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා සදහන් කළේ ජනතාව වෙත ගොස් ගැටලු විසදීමේ ජංගම සේවා ආරම්භ කළේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්.ජයර්ධන මහතාගේ කාලයේදී බවත් ඒය වාඩාත් සක්‍රීය කළේ ආර්.ප්‍රේමදාසමහතාගේ කාලයේදී බවත්ය. මෙම ජංගම සේවයේදී ජාතික හැදුනුම් පත් ලබාදීම, උප්පැන්න සහතික, විවාහ සහතික පොලිස්ස හතික ලබාදීම, ඇස් කණ්නාඩි අක්ෂි කාච ලබාදීම, ඉඩම් ගැටළු මහජනාධාර ලබාදීම, සමෘද්ධි සහනාධාර ලබාදීම, පැළ හා රෝපන ද්‍රව්‍ය ලබා දීම, කලාකරු ආධාර ලබාදීම ඇතුළු වැඩසටහන්රැ සක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya