අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සමූහාණ්ඩුව වෙතින් ලබා ගත් පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගනී

    ජූනි 10, 2019

    චීන සමූහාණ්ඩුව මඟින් හ්‍රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව නිල වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා චිනයේ ෂැංහායි පිහිටි නාවික තඨාකාංගණයේදී සිදු කෙරුණි.

    ඒ අනුව, චීන රජය නියෝජනය කරමින් උපකරණ හා තාක්ෂණික සහයෝගිතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ෆැන් ඡීයෑන්ජූන් මහතා විසින් පී 625 නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ මහතා හට නිල වශයෙන් නෞකාව භාර දීමට කටයුතු කරන ලදී.

    1994 වර්ෂයේ නිශ්පානදය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ. මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

    පී 625 නෞකාව භා ගැනීමේ උත්සව අවස්ථාව සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, බ්‍රිගේඩියර් කල්ප සංජීව මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂඨ නිලධාරීන් පිරිසක් මෙන්ම නෞකාවේ කාර්යමණ්ඩලය සහභාගීවී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya