මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළං තත්ත්වය ඉදිරියටත්- වැසි තත්ත්වය තවදුරටත්

    ජූනි 10, 2019

    දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර යාපනය දිස්ත්‍රික්කයේ සහ පොතුවිල් ප්‍රදේශයේ පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya