අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත් වෙයි

    ජූනි 09, 2019

    ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.

    මාලදිවයිනේ නිල සංචාරයක නියුතු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව අද (9) පෙරවරුවේ ශ්‍රී ලංකාවට සැපත් විය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත උත්තමාචාර ලබාදෙමින් මහත් හරසරින් පිළිගැනීම දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා  සහ  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ  ද්විපාර්ශවික සාකච්ඡවක් ද පැවැත්විණි.

    සංචාරය සනිටුහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිර පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරීමට ද එක් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයට ලක්  වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද අමතක කළේ නැත.

    පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය  නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි. දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු  ඇත.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

    YAM 1627

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya