අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නීරීක්ෂණය කරයි

    ජූනි 09, 2019

    ශ්‍රී ලංකා සංචාරයේ නියුතු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    දේවස්ථානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් පිලිගත්තේ ය.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

    පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය  නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

    දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර  සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු  ඇත.

    ROH 2145

     

    ඡායාරූප- ඒල්.ඒ.රෝහණ-  රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya