අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංචාරය සටහන් කරමින් දියරතඹල පැළයක් රෝපණය කරයි

    ජූනි 09, 2019

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

    ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.

    ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

    සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ දියරතඹල පැළයක් රෝපණය කිරීමට ද දෙරටේ නායක දෙපළ එක් වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya