අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි- ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී රාජ්‍ය ගෞරව දක්වයි

    ජූනි 09, 2019

    ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි- ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී රාජ්‍ය ගෞරව දක්වයි

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා අද (9) ශ්‍රී ලංකාවට සැපත් විය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිරත වෙයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට සමත් වූ අතර සිය දෙවන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු සහ උසස් නිලධාරීහු පිරිසක් එක්වූහ.

    නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව පැවැත්වෙන අතර විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

    දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග වන අතර එහිදී කළ නිල ආරාධනය පරිදි එතුමා මෙම සංචාරයට එක් වෙයි.

    මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

    දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya