අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවය'' රත්තොට නිල සෙවණ කාර්යාල දෙකක් සහ ප්‍රජා ශාලවක් ජනතා අයිතියට

    ජූනි 09, 2019

    රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවය යනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව ආරම්භ කළ විශේෂ ජංගම සේවා වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසහටන පසුගියදා මාතලේ දී ආරම්භ කරන ලදී.

    ඒ යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනි සෙනසුරාදා ආරම්භ කළ මෙම විශේෂ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ම ආවරණය වන පරිදි සති අන්ත දින 11 ක්ජං ගම සේවා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    ඒ අනුව (08) මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව රජය මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යෘපෘති ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා තිබුනි. එහිදී රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉකිරිගොල්ල සහ කයිකාවල යන ග්‍රාම නිලධාරී වසමි වෙනුවෙන් ඉදි කළ නිල සෙවණ කාර්යාල දෙකද ජනතා අයිතියට පත් කරන ලදී. ලක්ෂ 40 බැගින් මුදල් යොදවා ස්ථිපිත මෙම නිල සෙවණ කාර්යාලයක ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර, සමෘද්ධී නිලධාරී සහ සංවර්ධන නිලධාරී යන නිලධාරීන් සිව්දෙනාගේම කාර්යාල පිහිටුවා තිබේ.


    මෙම නිල සෙවණ කාර්යාලයට අමතරව මරදුරාවල ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ලක්ෂ හැටක මුදල් යොදවාඉදි කළ ප්‍රජා ශාලාව ද ජනතා අයිතියට පවරනණ ලදී. සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාර් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න යන මැති ඇමතිවරු සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya