අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆයිනස් වගාව ඉවත් කර, දේශීය වන වගා ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    ජූනි 08, 2019

    මහනුවර මහ නගර සභාවට අයත් දුණුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    පිවිතුරු හරිත පුරවරයක් ගොඩනඟමින් ජෛව විවිධත්වය සුරකින ,තුරු ප්‍රජාව, නමින් වැඩසටහන නම් කර තිබුණි.

    මෙම අවස්ථාව සංඛේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් දුණුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලානි ආබ්දීන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya