අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජනතා ගැටලු පිළිබද රජයට නිවැරදි දැක්මක් තිබෙනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 08, 2019

    උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදව වත්මන් රජයට නිවැරදි දැක්මක් ඇති බවත්, දකුණේ වෙනත් දේශපාලන පක්ෂවල නායකයින්ට එවැනි දැක්මක් නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සමෘද්ධි හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් යාපනය නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    “උතුරේ ජනතාවට යුද්ධය හේතුවෙන් සම්පත් රැසක් නැති වුනා. නායකයින් අහිමි වුනා. එම නායකයින් සිටියා නම් රට සංවර්ධනය කිරීමට දායක වෙනවා. දකුණේ ක්‍රියාත්මක වූ අන්තවාදය වත්මන් රජය තුරන් කළා. ජාතික ප්‍රශ්නය පිළිබදව වත්මන් රජය එකම මතයත සිටිනවා. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ රජයක් 2015 වසරේ දී ස්ථාපිත කළා. මෙම රජය ස්ථාපිත කිරීමට ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබාදුන්නා. එම නිසා ඔවුන්ගේ අයිතිය මෙන්ම සංවර්ධනය ද සිදු කළ යුතුයි. දෙවන පෙළ පුරවැසියෙක් ලෙස ජිවත්වීමට කවුරුවත් කැමැති නැහැ.

    අපේ රටට නිදහස ලබාදිමට පොන්නම්බලම් රාමනාදන් මහතා අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. ඒ ආකාරයට වර්තමානයේ ද දෙමළ ජාතික සන්ධානයත් රජයට සහයෝගය ලබාදෙනවා. නමුත් රජයේ වේගය මදි බවට චෝදනා එල්ල වනවා. මමත් එම කරුණට එකග වෙනවා. උතුරේ ජනතාවගේ ඉඩම් බෙදාදීම, රැකියා ලබාදීම සිදු කළ යුතුයි.

    වසර 30 ක යුද්ධය පැවැති උතුරු පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපනය සංවර්ධනය වූයේ නැහැ. උතුරේ ජනතාව සමග සහයෝගයෙන් අපි ජීවත් විය යුතුයි. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ අග්‍රාමාත්‍යවරයෙක් අපට සිටිනවා. සැකයක් තියාගන්න එපා. ජාතික ප්‍රශ්නය පිළිබද හොද අවබෝධයකින් එතුමා කටයුතු කරනවා. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සදහා විශාල මුදලක් වැය කර තිබෙනවා. බස්නාහිර පළාතට පසු සෞඛ්‍ය සංවර්ධනයට වැඩිම මුදලක් වැය කර ඇත්තේ උතුරු පළාතටයි.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya