අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15-20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකියි- ජනපති

    ජූනි 08, 2019

    පරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15-20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

    එබැවින් පරිසරය පිළිබඳ සංවේදී වෙමින් මිනිසා ප්‍රමුඛ සියලු සතා, සීපාවාගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනීම සහ රට කාන්තාරයක් බවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන ලෙස ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලයි.

    මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීම නිමිත්තෙන්  (06) එම භූමියේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පිවිතුරු හරිත පුරවරයක් ගොඩනඟමින් ජෛව විවිධත්වය සුරකින “තුරු ප්‍රජාව” නමින් වැඩසටහන නම් කර තිබිණි.

    මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් දුනුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 28ක් පමණක් වූ මෙරට වන ඝනත්වය වාර්ෂිකව ද සියයට 1.5 බැගින් අඩු වෙමින් පවතින බවයි. අඛණ්ඩව එලෙස වන ඝනත්වය අඩු වුව හොත් වසර 15-20 ක් යන විට රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතු පරපුර වෙනුවෙන් රටේ වන සම්පත රැක ගැනීමට කොන්දේසි විරහිතව සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බව අවධාරණය කළේය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලානි ආබ්දීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya