අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන විදේශ ආණ්ඩුවලට කිසිදු ලෙසකට පවරා නෑ

    ජූනි 07, 2019

    ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන විදේශ ආණ්ඩුවලට කිසිදු ලෙසකට පවරා නොමැති බවත් අධිකරණයට කිසිදු බලපෑමක් කරන්න,විදේශ රාජ්‍යකට ඉඩ නොතබන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය  අශෝක අබේසිංහ මහතා අඳ (7) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකවේ අධිකරණයට විදේශ රාජ්‍ය මැදිහත් වීමක්  තිබෙන බවට වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදෙස් මැදිහත්වීම ක්‍රමාණුකූලව වැඩි වී ඇති බවත් ශ්‍රී  ලංකාවේ අධිකරණ බලය හීන කිරීමට විදෙස් නීති රීති අධිකරණ නඩුකාරවරු ගෙන්වන තර්ජනය ඉවත් වී  නොමැති බවත් සඳහන් කරමින් යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

     කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ අධිකරණයට හෝ වෙනත් ආයතනයකට විදෙස් මැදිහත්වීමකට ඉඩ තියන්නේ  නෑ.කිසියම් විදෙස් රාජ්‍යයක් එවැනි අඳසකින් කටයුතු කරන්නේ නම් පැහැදිළිව කියන්න කැමතියි රටේ  ජනතාවගේ සෛරීභාවය සහ ස්වරීත්වය ආරක්ෂා කිරීමට අප බැදී සිටිනවා. අධිකරණයට කිසිදු බලපෑමක් කරන්න,විදේශ රාජ්‍යකට අප ඉඩ තියන්නේ නෑ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන විදේශ ආණ්ඩුවලට කිසිදු ලෙසකට පවරලා නෑ.සින්නකරව දීලා නෑ. අපි විදේශ  රටවල් සමඟ සාකච්ඡා කරලා,ආර්ථික සහයෝගය අප ලබාගන්නවා.අපි වෙලඳ ගිවිසුම් අත්සන් කරන්නේ එම  ආර්ථික සහයෝගය ලබාගන්නයි.

    ශ්‍රී ලංකාවේ සෛරීභාවයට සෘජුව හෝ වක්‍රව බලපාන කිසිදු ආර්ථික හෝ ආරක්ෂක ගිවිසුම්වලට එලඹීමට කිසිදු  අඳහසක් නෑ.ජීවිත පූජාවකින් අප රැකගත් නිඳහස සහ රට විදේශිකයන්ට ගිවිසුම් මඟින් ලබා දෙන්නේ නෑ.යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya