අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ප්‍රහාරයෙන් අඩපන වූ ජන ජිවිතය විගස යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුයි- පොසොන් උත්සවය උත්කර්ෂවයෙන් සැමරිය යුතුයි

    ජූනි 07, 2019

    පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ සාමාන්‍ය ජන ජිවිතය අඩ පණ වු හෙයින් එය හැකි විගස යථාතත්ත්වයට පත් කළ යුතු බවත්,ඒ සඳහා රටේ සංවර්ධනය හා පරිපාලන කටයුතු සිදු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

    මෙවර පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සැමරිමට අප කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අද (07) අරලිය ගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    වැඩි දුරටත් අදහස් දැක් වු අගමැතිවරයා සඳහන් කළේ, මිහිනතලය පොසොන් කලාපයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත්ය.

     ඒමෙන් ම සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පාසල් මට්ටමින් දාන,සීල,භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට කටයුතු යුතු බව මෙම අවස්ථාවට පැමිණි සියලු ම ලේකම්වරු,පළාත් ලේකම්වරුන් වෙත ම කියා සිටියේය.

    පසුගිය දා සිදු වු පාස්කු ප්‍රහාරයෙන් පසුව වෙසක් උත්සවය සැමරිමට ජනතාව දැඩි බියක් හා සැකයක් ඇති වු හෙයින් මෙවර පොසොන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරා අපි ත්‍රස්තවාදයට බිය නැති බව පෙන් විය යුතු බවත්,බෙදුම්වාදයට ඉඩ නොදෙන බවත් ඇඟවිය යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කලේය.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ සාමාන්‍ය ජන ජිවිතය අඩ පණ වු හෙයින් එය හැකි විගස යථාත්ත්වයට පත් කළ යුතු බවත්,ඒ සඳහා රටේ සංවර්ධනය හා පරිපාලන කටයුතු සිදු කළ යුතු බවත් සඳහන් කළේය.

    මේ වන විට බොහෝ ප්‍රදේශ වල ගම්පෙරළිය ව්‍යාපෘතිය ඉතා සාර්ථක මට්ටමින් සිදු වෙමින් යන අතර මේ වසර අවසන් වන විට එහි ප්‍රතිපල අපට අත් විදිය හැකි බවත්, මේ සඳහා ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දිමටත් පලාතේ ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් මාසයෙන් මාසය දැනුම්වත් කළ යුතු බවත් පැවසිය.

    ඊට අමතරව අගැතිවරයාගේ අවධානය යොමු වුයේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වු සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කඩා වැටිම සම්බන්ධයෙන් ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙනි.


    මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු අගමැතිවරයා පැවසුවේ,බොහෝ රටවල් පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ සංචාරය තහනම් කළ ද මේ වන විට එය ඉවත් කර ඇති ඇති බයි. විශේෂයෙන් යුරෝපා රටවල් වල සංචාරකයින්ට තහනම ඉවත් කර තිබේ.ඒමෙන් ම ලබන මස පැමිණිට නියමින ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණිම ශ්‍රී ලංකා සංචාරය ශ්‍රි ලංකාව මේ වන විට සුරක්ෂිත රටක් බවට ඇති විශ්වාශය තහවුරු කිරිමක් බව ද අගමැතිවරයා පැවසිය.

    මේ අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා, අභන්තර කටයුතු හා ස්වදේශ කටයුතු හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා,බෞද්ධ කටයුතු ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා ,කාෂිකර්ම ඇමති පි.හැරිසන් මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් සහභාගි වුහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya