අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම නතර කළ යුතුයි-අධ්‍යාපන අමාත්‍යාංශය

    ජූනි 07, 2019

    දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිනි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවල යෙදී සිට ඇති බවට ද පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.

    එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්, දරුවන් හා මව්පියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ ව ද පැමිණිලි රැසක් ලැබී තිබේ.

    ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් ‍පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි

    ඒ අනුව පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, මෙතෙක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකරමින් ලබාදුන් සහයෝගයට සියලු මව්පියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය සිය කෘතවේදිත්වය පළ කර සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya