අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ මාතර දිස්ත්‍රික් උත්සවය 8 වැනිදා

    ජූනි 07, 2019

    මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් නව සමෘද්ධි ප්‍රතිලාභීන් 5000 දෙනෙකු සඳහා හිමිකම් පත් ප්‍රදානය කිරීමේ උත්සවය ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 08 වැනිදා ප.ව.3.00 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    එහි දී උත්සවයට සහභාගිවන සියලුම පමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අඹ පැළයක් හා ටී ෂර්ට් එකක් ලබාදේ. නව සමෘද්ධි ප්‍රතිලාභීන් වශයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් 17796 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අතරින් 11729 දෙනෙකුට පළමු අදියර යටතේ සමෘද්ධී හිමිකම් ප්‍රදානය කෙරේ. ඉතිරි සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා දෙවන අදියරේ දී හිමිකම් ප්‍රදානය කිරීමට නියමිත ය. පළමු අදියර සඳහා තෝරාගත් ප්‍රතිලාභින් අතරින් 5000 ක් දෙනෙකු සඳහා මෙදින හිමිකම් පත් ප්‍රදානය කෙරෙන අතර ඉතිරි 6729 දෙනා සඳහා ඉදිරියේ දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පවත්වනු ලබන උත්සව වල දී හිමිකම්පත් ප්‍රාදානය සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එන්.ජී.ජේ.පී.රෝහිත මහතා පවසයි.

    මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 60636 කි. එය මාතර දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් 28.6% ක ප්‍රතිශතයකි. ඔවුන් සඳහා මාසිකව ලබා දෙන සමෘද්ධි ප්‍රතිලාභ සඳහා
    රුපියල් මිලියන 142 ක මුදලක් රජය වැය කරයි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya