අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිය මුද්දරයට සීමා වූවක් නොවේ,ඉන් ප්‍රතිලාභ රැසක් තියෙනවා- අමාත්‍ය පි.හැරිසන්

    ජූනි 07, 2019

    සමෘද්ධිය රුපියල් රු.එක්දාස් පන්සියයකට, පන්දාහකට සීමා වූ මුද්දරයක්, සහනාධාරයක් පමණක් නොව ඉන් ප්‍රතිලාභ රැසක් තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා අනුරාධපුර බටහිර ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කරමින් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අපි දැක්කා සමෘද්ධිය දේශපාලනී කරණය වෙලා තිබුණු යුගයක් මම සමෘද්ධි ඇමති වරයාව සිටි කාලයේදී එම වාතාවරණය වෙනස් කළා.දැන් අඩු ආදායම්ලාභී සැමට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධි සහනාධාරය ලැබෙනවා.

    සමෘද්ධිය කියන්නේ සැබැවින් ම දිළිඳු පවුලකට ලැබෙන තිළිණයක් .සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ සමෘද්ධිලාභී පවුලක එක දරු උපතකදී 7500 ක දීමනාවක් ලැබෙනවා බැරිවෙලාවත් නිමුන්නු ලැබුණොත් දීමනාව දෙගුණ වෙනවා.. ඒ කියන්නේ පහළොස්දාහක් ලැබෙනවා. ඒ වගේම සාමාජිකයෙකු විපතට පත් පවුලක් සඳහා රුපියල් හත්දහස් පන්සීයක දීමනාවක් ලැබෙනවා. රෝහල්ගත රෝහල් ගත වූවොත් දිනකට 250 ක් ලැබෙනවා.. ඒ වගේම විවාහයකදි රුපියල් හත්දහස් පන්සියයක් ලැබෙනවා.මම සමෘද්ධිය භාරගන්නකොට සිප්දොර ශිෂ්‍යත්වය
    තිබුණේ දහ දාහක පිරිසකට පමණයි නමුත් හැමදාම දිළිඳු කමින් ඉන්න බෑ දරුවෝ ඉගෙන ගන්න ඕන ඒ නිසා සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව එක්දහස් පන්සියය බැගින් වසර දෙකක කාලයකට සාමාන්‍ය පෙළ සමත් සිසුන් විසිදාහකට දෙන්න මම වැඩි කලා.ඇත්තටම සතුටු වෙනවා මේ මගේ යෝජනා ඉදිරියටත් කරගෙන යන්න වර්තමාන අමාත්‍ය දයා ගමගේ මැතිතුමා දරන පියවර දිහා බැලුවම .

    මම සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් ලබා දීමට සූදානම්ව සිටිය දී පසුගිය දින 52 දී විමල් වීරවංශ අමාත්‍යවරයා ලකුණු දාගන්න ගිහිල්ලා අද සමෘද්ධි නිළධාරියා කබලෙන් ලිපට වැටිලා. රාජ්‍ය වැටුප් කොමිසමේ අවසරයකින් තොරව එම නිර්ණායක වලට යටත් නොවි හිතූ හැටියට පත්වීම් ටික දුන්නා. සමෘද්ධි නිලධාරීන්ව මම දේශපාලන කෝණයෙන් බැලුවේ නෑ.

    කෙසේ වෙතත් සමෘද්ධිය වගේම කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීම මගේ ඒකායන අරමුණයි දුප්පත්කම තුරන් කර රට සංවර්ධනය කරා ගෙන ඒමට අපේ පක්ෂයට වගේම අපටත් හොඳ යාන්ත්‍රණයක් තිබෙනවා තිබෙනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

    අනුරාධපුර බටහිර ආසනේ මහවිලච්චිය ,මධ්‍යම නුවරගම් පළාත, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ගත් නව සාමාජිකයින් දෙදහසකට පමණ අමාත්‍යවරයාගේ අතින් සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කෙරිණ.එම අවස්ථාවට එම කොට්ඨාස වල ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමෘද්ධිලාභීන් එක්ව සිටියහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya