අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ගුඩ්‍‍‍ෂෙඩ් බස් නැවතුම්පොළෙන් ඉවත් කරන ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසට වන්දි ලබා දෙයි

    ජූනි 07, 2019

    මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ ඉදි කිරීමට නියමිත බහුමාදිලි මගී පර්යන්තය නිසා හිමිකම් අහිමි වන පුද්ගලයන් වෙත හිමිකම් (වන්දි) ප්‍රදානය කිරීමේ පළමු අදියර අද (6) මහනුවර දී සිදුවිය.

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හිමිකම් ප්‍රදානයේදී ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් සියයකට ආසන්න පිරිසකට වන්දි ප්‍රදානය කරන ලදී.

    දැනට මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම පිහිටි ස්ථානය සම්පූර්ණයෙන් ඉවත් කොට බහුමාදිලි මගී පර්යන්තයක් ඉදි කිරීමට රජය මගින් කටයුතු යොදා ඇත. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඉදි කිරීමට නියමිත මෙම බහුමාදිලි මගී පර්යනත්ය සදහා වැය කරන සම්පූර්ණ මුදල බිලියන 10 කි. මෙම බහුමාදිලි මගී පර්යන්තය ඉදි විමෙන් පසු බස් සහ දුම්රිය ස්ථාන දෙකම එකට යා කෙරෙන අතර, මගීන් ගේ අනිකුත් බොහෝ පහසුකම්ද මෙම මධ්‍යස්ථානය තුළ ඇතුලත්ය.

    මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන සංඛ්‍යාව 800 කට අධීකය. ඒ අතර, අද හිමිකම් ලබා ගත් මෙම පිරිසට අමතරව ඉතිරි පිරිසට ඉදිරියේදී හිමිකම් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. එහිදී ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ තුළ වෙළදාමේ යෙදුනු ජංගම වෙළදුන් සහ ත්‍රීවීල් රථ රියදුරන්ට මෙන්ම කඩ සාප්පුවල සේවය කළ සේවකයන්ටද හිමිකම් ලැබෙනු ඇත. මෙම හිමිකම් ලබා දීමේදී එක් අයෙකුට අවම වශයෙන් ලක්ෂ පහක මුදලක සිට ලක්ෂ 18 දක්වා උපරිම මුදලකට යටත්ව වන්දි පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මේ හිමිකම් ප්‍රදානය සදහා වැය කරන සම්පූර්ණ මුදල මිලියන 1300 කි.

    මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පළමු බහුමාදිලි මගී පර්යන්තය කොට්ටාවේ ඉදි කළ බවත් එය අද වන විට එක්ලක්ෂ පහලොස් දහසකට වැඩි පිරිසක් එය පරිහරණය කරන බවත් පැවසීය . එම මධ්‍යස්ථානය ඉදිවීම නිසා දුම්රියෙන් කාර්යාල වලට ගිය සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වී ඇති බවද පෙන්වා දෙන ලදී. එම නිසා මහනුවර ඉදිවන මෙම බහුමාදිලි මගී පර්යන්තයේ වැඩකටයුතු අවසන් වීමත් සමග රථවාහන තදබදය ඇතුළු මහනුවර නගරයට බලපාන ප්‍රධාන ප්‍රශ්න රැසකටම විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya