අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විදේශ සේවා නිලධාරීන්ගේ තානාපති ප්‍රතිශතය 55% දක්වා වැඩි කරයි

    ජූනි 07, 2019

    ජනපති විදේශ සේවා නිලධාරීන්ගේ තානාපති ප්‍රතිශතය 55% දක්වා වැඩි කරයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරුන්ට සහ මහ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබා දුන්නේ, රටේ ආරක්ෂක තත්ත්වය ගැන විදේශයන්හි ඇති සැකය ඉවත් කිරීමට කටයුතු සිදු කරන ලෙසයි.

    එමෙන්ම, ජනාධිපති තවදුරටත් ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ, විදෙස් රටවල සංචාරක උපදෙස් ඉවත් කර ගැනීමට කටයුතු සිදු කරන ලෙසයි. ජනාධිපති මේ බව පැවසුවේ (06) දින ජනාධිපති කාර්යාලයේ පැවති විදේශ සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලැබූ විදේශ සේවකයින් 17 දෙනා අමතමිනි.

    මෙහිදී ජනාධිපතිතුමා පවසා සිටියේ, පසුගිය විදේශ සේවා කාණ්ඩ දෙකේම සෑම නිලධාරියෙක්ම තමන් විසින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශ සේවයට පත් කරන ලද අතර, මෙම පත්වීම් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව 35% සිට 55% දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම මෙම නව පත්වීම් ලබා දීමත් සමඟ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ මහ කොමසාරිස් කාර්යාලවල විදේශ සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව 28 සිට 52 දක්වා ඉහළ ඉහළ යනු ඇත. මීට පෙරදී 60% ක් පිරිස දේශපාලන පත්වීම් වුනු අතර සියයට 40% ක් පමණක් ශ්‍රී ලංකා විදේශ නිලධාරීන් වී තිබුණී.

    ඒ අනුව, බ්‍රසීලිය, තුර්කිය, ඕමානය, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය, සිංගප්පූරුව, ඔස්ට්‍රියාව, වොෂිංටනය සහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයින් නව පත්වීම් ලබා ගත්හ.

    නව තානාපතිවරුන් ලෙස පත් වූ පිරිසගේ නාම ලේඛනය, පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළත් කමිටුවකින් යෝජනා වූ නම් වන අතර ඔවුන්ගෙන් ලද අනුමැතිය මත පත්වීම් ලබා දී තිබේ.

    විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සභාව අමතා ජනාධිපතිතුමාට ස්තූති කරමින් ප්‍රකාශ කළේ, විදේශ සේවා නිලධාරීන් වශයෙන් සංඛ්‍යාවෙන් විශාල පිරිසක් ශ්‍රී ලංකා තානාපති පදවිවලට පත්කර ගැනීමෙන් පළමු වතාවට විදේශ සේවකයින්ගේ පත්වීමේ ස්වභාවය (දේශපාලන පත්වීම්) අනුව මනා සමතුලිතතාවයක් ජනාධිපතිතුමා විසින් ඇති කළ බවයි. එමෙන්ම අලුතෙන් පත් වූ නව දූත මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන පෙර අනුප්‍රාප්තික වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කිරීම ලේකම්තුමා විසින් සිදු කෙරුණි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා, ජනාධිපති අතිරේක ලේකම් අසේල වීරකෝන් මහතා, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර සහ නව පත්වීම් ලැබූ රාජදූතයින් පිරිස ද මේ හමුවට එක් වී තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya