අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොහොය නිමිති කරගෙන බෙලිඅත්ත සිට කන්කසන්තුරය දක්වා පිරිත් ආශිර්වාදය මැද විශේෂ දුම්රිය මැදිරියක්

    ජූනි 06, 2019

    මෙවර පොසොන් පොහෝ දිනයේදී දාන,ශීල,භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී කටයුතු කරන්නැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,පොසොන් පොහොය නිමිති කරගෙන බෙලිඅත්ත සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය මැදිරියක පවත්වනු ලබන ආශිර්වාද පිරිත් දේශනාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(06) උදෑසන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, යම් යම් බලවේග මේ රට අවුස්සන්න කටයුතු කරන බවත්, එසේ නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවත් කීය.

    රාජ්‍ය අනුග්‍රහය සහිතව රට වැසියන්ට සෙත් පතා ජූනි මස 11 දින සිට 16 දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය, ඉහළ කටුගම්පොළ,කවුඩුමුන්න, ශ්‍රී ඉන්ද්‍රසරාරාම රජමහා විහාරයේදී ආරම්භ වීමට නියමිත අතර එතැන් සිට බෙලිඅත්ත දක්වා විශේෂ රිය පෙරහැරකින් ද බෙලිඅත්තේ සිට කන්කසන්තරය දක්වා මෙම ආශිර්වාද පිරිත් දේශන සම්ම්ඟ දුම් රිය ගමන් කරනු ඇත.

    මීට සමගාමීව උතුරු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වලට පෝෂණ මලු, සහ පොත්පත් බෙදා දීම් වැනි පුණ්‍ය කටයුතු රැසක් සිදු කිරීමටද බලාපොරොත්තු වේ. රටට ආශිර්වාදය අවශ්‍යම මොහොතක ජූනි මස 22දා සවස 6.00ට රටට ජනතාවට සෙත් පතා ස්වාමින්වහන්සේලා 500කගේ සහභාගිත්වයෙන් අධිෂ්ඨාන බෝධි පූජාවක් රුවන්මැලි සෑ අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද බුද්ධ ශාසන අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමි, පූජ්‍ය ගින්නලියේ ආයුපාල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හා ගමනාගමන කොමිෂන් සභාවේ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya