අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ස්ථාවරය පැහැදිළි කරන්නට අඳහස් කරනවා- භිටපු අමාත්‍ය රාවුෆ් හකීම්

    ජූනි 06, 2019

    මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක පැහැදිළි කිරීමක් කරන්නට අඳහස් කරනවා.කිසිවිටෙක මේ රටේ මුළු මහත් ජාතියටත් රටටත් රටේ සංහිදියාවටත් සාමයටත් කිසි විටෙක අගතියක් වන තීරණයක් නොවේවා කියා ප්‍රර්ථනා කරන බවත් එබැවින් ඒ සඳහා වූ හමුවක් ඇති කරගන්නට එන දවස් කීපය තුළ සිදු කරන බවත් හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අපි රජයේ නිලතල දරණ අමත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු, ගිය සඳුදා ඇති වූ භයානක තත්ත්වය මත සාකච්ඡා කරලා, දීර්ග ලෙස සාකච්ඡා කළා. අපේ චේතනාව පැහැදිළිව සඳහන් කළා. විශාල ලෙස වෛරී තත්ත්වයක් රට  තුළ ඇති වෙලා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානම් සහිත වාතාවරණයක් උඩ තමයි අපේ  ජනතාවගේ ආරක්ෂාව ටහවුරු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර,ඉන් පසුව මේ පිළිබඳව අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ටත් දන්වා සිටියා.

    සමූහිකව එකතුවෙලා, එක ලියුමකින් අපගේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යතුමාට බාර දුන්නත්,ඉන් පසුව අග්‍රාමාත්‍යතුමා දැනු දුන්නා ව්‍යවස්ථාව ප්‍රකාරව තනි තනිව ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා.රාමසාන් නිසා මන්ත්‍රීවරු ගම්වලට ගොස් තිබීම නිසා නිලවශයෙන් සිදු කිරීමට යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා. අපේ නිලතලවලින් ගිය සඳුදා සිට ඉවත්ව සිටිනව කියන එක ප්‍රකාශ කරනවා.

    ගෞරවනීය සංඝ සභාව ඉල්ලීමක් කර තිබෙනවා. මුස්ලිම් ප්‍රජාවට ඇති වී තිබෙන තත්ත්වයක් සළකා බලා,අපි  මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක පැහැදිළි කිරීමක් කරන්නට අඳහස් කරනවා.උන් වහන්සේලා ස්තූතිය පුද කළ යුතුයි.කිසිවිටෙක මේ රටේ මුළු මහත් ජාතියටත් රටටත් රටේ සංහිදියාවටත් සාමයටත් කිසි විටෙක අගතියක් වන තීරණයක් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා.එබැවින් ඒ සඳහා වූ හමුවක්  ඇති කරගන්නට එන දවස් කීපය තුළ සිදු කරනවා.

    විශේෂයෙන් ම අමාත්‍යවරයකුට හා ආණ්ඩුකාරවරුන්ට එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.  චෝදනා තිබෙනවා නම් එන 12ට පෙර දැනුම් දෙන්න කියලා. පරීක්ෂණයක් පවත්වා කඩිනමින් විසඳුමක්  ලබාදෙන්න යැයි ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya