අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනයට සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල අසළ ස්වාභාවික පරිසර පද්ධතියක් දායාද කරයි

    ජූනි 05, 2019

    ජූනි 05 වන අදට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් නුවරඑලිය සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල අසළ හායනයට ලක්වු හෙක්ටයාර් 05 භුමි ප්‍රදේශයක ස්වාභාවික පරිසර පද්ධතියක් ඇති කිරීමේ ආරම්භක උත්සවය අද (05) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා සහ තලවකැලේ වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය රෝෂාන් රජ‍දොරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    කඳුකරය වර්ණවත් කරණ තලවකැලේ සෙන්ට් ක්ලේයාර් දිය ඇල්ල අසල පතන භුමිය සෑම වර්ෂයකම නියන් කාලයේ ගිණි ගැනීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන භුමියක් ලෙස හඳුනාගන ඇත. එය සැළකිල්ලට ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ තලවකැලේ වැවිලිසමාගම මගින් තම සමාගම මගින් පාලනය කරණ තේ වතු ආශ්‍රීතව ඇති ජල මුලාශ්‍රවල ස්භාවික පරිසර පද්දතිය වර්ධනය කිරිමේ වැඩසටහාන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

    උදැසන 10.00 ට තලවකැලේ සෙන්ට් ක්ලේයාර් නැරබුම් මධ්‍යස්ථානය අසල පැවැත්වෙන පරිසර දින උත්සවයට සමගාමිව වතු ප්‍රජාව, පාසල් ළමුන් සහ පරිසර හිතකාමින්ගේ සහභාගීත්වයෙන් මෙම ස්භාවික වන වගා වැඩසටහාන ක්‍රියාත්මක කිරීමට නියමිත බව තලවකැලේ වැවිලි සමාගමේ කෘෂී වන වගා සහ විශේෂ ව්‍යාපෘති ජ්‍යෙෂ්ඨ කළමණාකරු බණ්ඩාර දසනායක මහතා පැවසීය

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya