මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයාගේ පරිසර දින පණිවුඩය

    ජූනි 05, 2019

    පරිසර දින පණිවුඩය

    මෙවර එක්සත් ජාතීන්ගේ පරිසර දින තේමාව වායු දූෂණය කෙරෙහි සමස්ත ජන සමාජයේ අවධානය යොමු කරවයි. වායු දූෂණය පියවි ඇසට දැකිය නොහැකි නමුත් එය අප අවට සැමතැනකම පවතී. අප ගන්නා හැම හුස්මක් ම දූෂිත වූ වායුව විය හැකිය. අපගේ ආයු අපේක්ෂාව කෙටි කිරීමටත්, බරපතළ රෝගී තත්ත්වයන්ට අප නිරාවරණය කිරීමටත් වායු දූෂණයට ප්‍රබල හැකියාවක් ඇත.

    ලොව පුරා මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙක්ම වායු දූෂණයට මුහුණ දෙන අතර, වායු දූෂණය නිසා ආසියා පැසිපික් කලාපයේ පමණක් වසරකට මිලියන 04ක ජනතාවක් මිය යද්දී, ලෝක මට්ටමින් එය මිලියන 07ක් වන
    බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. වායු දූෂණය කොතරම් බරපතල අර්බුදයක් බවට පත්ව ඇත්ද යන්න එයින් පැහැදිලි වේ.

    ලොව පුරා විවිධ රටවල, වායු දූෂණය බරපතල ලෙස පවතින නගර ආශ්‍රිතව මෙන්ම සෙසු ප්‍රදේශවල වායුගෝලයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, පුනර්ජනනීය බලශක්තිය, හරිත තාක්ෂණය වැනි පරිසර හිතකාමී නව තාක්ෂණික අත්හදා බැලීම් ද සිදු වේ. ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් වායු දූෂණය අවම කිරීම සඳහා විවිධ කටයුතු සිදුවන අතර, පුද්ගලිකව අප සැම ද ඒ සඳහා අපගේ දායකත්වය උපරිමයෙන් ලබා දිය යුතු ය. මානව සංහතියේ තිර පැවැත්ම සඳහා එම දායකත්වය අතිශය වැදගත් ය.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya