අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රමලාන් උළෙලට සුබ පැතුම්-මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් ඔබ සියලු දෙනා යාච්ඥා කරනු ඇතැයි අපේක්ෂා කරමි

    ජූනි 05, 2019

    අනෙකාගේ කුසගින්නෙහි වේදනාව අත්විඳීමෙන් උගෙන පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳෙන්නට පුහුණු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයා හට තිළිණයක් බව රමලාන් උළෙල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි

     

     සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

    විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය, නැමදීම සහ වන්දනාව යන ප්‍රධාන ස්තම්භයන් මත ඉස්ලාම් දහම ගොඩනැඟී ඇත. එකී දහම අදහන බැතිමතුන් පුරා චන්ද්‍ර මාසයක උපවාස කාලයක් නිම කොට සමරන රමලාන් උළෙල වෙනුවෙන් සුබපැතුම් එක්කරනුයේ හෘදයංගමවය.

    ලෞකික ආශාවන්ගෙන් ඉවත්ව ආගමික වත්පිළිවෙත් පුරමින් දිළින්දන් හා අසරණයන් වෙනුවෙන් තම ඉපැයුම් පරිත්‍යාග කරමින් ඉස්ලාම් බැතිමතුන් ගෙවන මේ උපවාස කාලය දකුණු ආසියාතික සියලු ආගමික දර්ශනවල ලෝකෝත්තර අරමුණු හා ඔවුන් සමීප කරවයි.

    අනෙකාගේ කුසගින්නෙහි වේදනාව අත්විඳිමින් උගෙන පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳෙන්නට පුහුණු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයා හට තිළිණයකි. ලොව පවතින සියලු ආගමික දර්ශන හෝ ආගමික ඇදැහිලි අපට හමුවනුයේ මිනිස් ශිෂ්ඨාචාරයේ දිගු ගමන් මඟ අතරතුරිනි. එනම් මනුෂ්‍යත්වයේ පොදු රැහැන පවතිනුයේ ආගම් ලබ්ධීන්ට බොහෝ එපිටිනි. අනෙකාගේ මනුෂ්‍යත්වයේ උදාර බවට ගරු කරන්නට උගන්වන කවර හෝ දහමක් මනුෂ්‍යත්වයේ පොදු රැහැනින් වෙන්වන්නට තම මිනිස් සමූහයට මඟ නොපෙන්වයි. ඉස්ලාම් දහම ද එබඳුය. එවන් දහමක පිළිවෙත් පුරමින් උපවාස ශීලය රැක, පරිත්‍යාගයෙන් තම මනුෂ්‍යත්වය පූර්ණ කොට ගනිමින් අද දින රමලාන් සමරන සියලු ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් රමලාන් උළෙලක් ප්‍රාර්ථනා කරන අතර අප වටා රැඳී ඇති අවිශ්වාසයේ සහ සැකයේ අඳුර දුරු වී සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් ඔබ සියලු දෙනා යාච්ඥා කරනු ඇතැයි අපේක්ෂා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya