අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි-අමාත්‍ය නවීන් දිසානායක

    ජූනි 04, 2019

    ත්‍රස්තවාදී සංවිධාන නිෂ්ක්‍රීය කිරීම සඳහා මුස්ලිම් ජනතාව ද තොරතුරු ලබා දීම මගින් රජයට විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ තොරතුරු අනුව ගොස් ත්‍රස්තවාදීන් රාශියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    මෙම ත්‍රස්තවාදය කෙටිකාලී හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග මගින් නිෂ්ක්‍රීය කළද එය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම දීර්ඝකාලීන වැඩපිළිවෙලක් මගින් සිදු කළ යුතුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය.

    රජය රටේ ජාතීන් අතර සංහිඳියාව සහෝදරත්වය වර්ධනය කිරීමට කටයුතු කරද්දී රට අස්ථාවර කිරීම සඳහා යම් දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා, තව දුරටත් පැවසීය.

    පාස්කු ඉරිදා සිද්ධියෙන් සති 3කට පසු ක්‍රියාත්මක වූ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් පැහැදිලි වන්නේ කිසියම් අදිසි බලවේගයක් යටින් ක්‍රියාත්මක වන බවයි. ඔවුන්ගේ අරමුණ ජනාධිපතිවරණය දක්වා මේ තත්වය දිගටම ඇදගෙන යාම යැයිද නවීන් දිසානායක ඇමතිවරයා සඳහන් කළේය.

    මෙහිදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා ආණ්ඩුවෙන් මුස්ලිම් ඇමතිවරුන් ඉවත් වූවද ඔවුන් දිගටම ආණ්ඩුවට සහයෝගය දෙන නිසා ආණ්ඩුව දුර්වල නොවන බවද පැවසීය.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සංනිවේදන ඒකකයේ අධ්‍යක්ෂ හා අග්‍රාමාත්‍ය උපදේශක නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya