අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමථකරණය හා ගැටුම් නිරාකරණය පිළිබඳව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූනි 04, 2019

    සමථකරණය හා ගැටුම් නිරාකරණ ශිල්ප ක්‍රම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් ඒස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    අධිකරණ අමාත්‍යංශයේ සමථ වැඩසටහන් නිලධාරී චින්තක රාජකරුණා මහතා මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ අතර කාර්යාලීය කටයුතු වඩාත් ඵලදායීව ඉටු කිරීම උදෙසා සමථකරණය හා ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

    ගැටුම් නිරාකරණය හා සමථකරණයේ දී පුද්ගලයින් තුළ තිබෙන කායික හා මානසික වෙනස්කම් සැලකිල්ලට ගතයුතු බවත් එම වෙනස් තත්ත්වයන්ම ගැටුම් නිරාකරණය හා සමථකරණය සඳහා යොදාගත යුතු බවත් තවදුරටත් අවධාරණය කෙරිණි.

    ප්‍රබල චිත්තවේග, වැරදි ලෙස සිතීම හා දැකීම, දුබල සන්නිවේදනය හා නැවත නැවත සිදුවන හානිකර හැසිරීම් හේතුවෙන් සම්බන්ධතා ගැටුම් ඇතිවේ. එදිනෙදා පවත්නා සාරධර්ම, අවසාන සාරධර්ම හා ආත්ම විග්‍රහය පිළිබඳ සාරධර්ම නිසා සාරධාර්ම පිළිබඳ ගැටුම් නිර්මාණය වේ. යමක් පවතින ආකාරය, කාර්යභාරය පිළිබඳ විග්‍රහය, කාලය පිළිබඳ සීමා, භූගෝ විද්‍යාත්මක හා භෞතික සම්බන්ධතා හා අසමාන වූ බලය හා සම්පත් හේතුවෙන් ව්‍යුහමය ගැටුම් ඇතිවේ. ද්‍රව්‍යමය, ක්‍රියාපටිපාටිමය හා මනෝවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් අවශ්‍යතා පදනම් කරගත් ගැටුම් නිර්මාණය වේ. තොරතුරු නොමැතිකම, වැරදි තොරතුරු ලැබීම, අදාළ දත්ත කවරේද පිළිබඳව එකඟතාවයක් නොවීම, දත්ත පිළිබඳව විවිධ අර්ථකථන හා විවිධ තක්සේරු කිරීම් හේතුවෙන් දත්ත පිළිබඳ ගැටුම් නිර්මාණය වන බව ද පැහැදිලි කරන ලදි. ගැටුම් නිර්මාණය වන ආකාරය පිළිබඳව හඳුනා ගැනීම වඩාත් ඵලදායී ගැටුම් නිරාකරණය කිරීමක් සඳහා ඉවහල් වේ.

    අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කරනු ලබයි. ඊට සමගාමීව මණ්ඩල කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලද බව සමථ නිලධාරී මේනකා සමන්ති මහත්මිය පැවසුවා ය.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya