මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඳවා තබා ගෙන විමර්ශන සිදුවන සැකකරුවන් ගණන 211ක්-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ජූනි 04, 2019

    අප්‍රියෙල් මස 21 වන දින සිදු වූ ප්‍රහාරයට අදාළවත්, ඉන් පසුව දිවයින පුරා සිදු කළ විමර්ශන හා සෝදිසි මෙහෙයුම්වලදී අඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන් ගණන 2289 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඊයේ (3) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය.

    අප්‍රියෙල් මස 21 වන දින සිදු වූ ප්‍රහාරයට අදාළවත්, ඉන් පසුව දිවයින පුරා සිදු කළ විමර්ශන හා සෝදිසි මෙහෙයුම්වලදී සහ වයඹ පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙනුත් අත් අඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන් ගණන 2289 කි. ජාතීන් වශයෙන් සිංහල 330 ක්, දමිළ 139 ක් සහ මුස්ලිම් 1820 ක් වශයෙනි.

    මේ අතුරෙන් අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරව සිටින ප්‍රමාණය 423 කි. ජාතීන් වශයෙන් සිංහල 52 ක්, දමිළ 13 ක් සහ මුස්ලිම් 358 ක් වශයෙනි. මේ වන විට ඒ ඒ පොලිස් ස්ථානවල රඳවා තබා ගෙන විමර්ශන සිදුවන සැකකරුවන් ගණන 211 කි. ඒ අතරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින සැකකරුවන් 68 දෙනාත්, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රඳවා ගෙන සිටින සැකකරුවන් 26 දෙනාත් මේ 211 ට ඇතුලත් වේ. එය සිංහල 09 ක්, දමිළ 01 ක් සහ මුස්ලිම් 201 කි.
    මෙසේ අත්අඩංගවට ගන්නා ලද සැකකරුවන් 2289 අතුරෙන් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නෛතික රාමුව තුළ පොලිස් ස්ථාන මගින් ඇප ලබා දුන් සැකකරුවන් ගණන 1655 කි. ජාතීන් වශයෙන් සිංහල 269 ක්, දමිළ 125ක් සහ මුස්ලිම් 1261 ක් වශයෙනි. සාරාංශ කර දැක්වුවහොත් සිංහල 330 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඉන් 269 දෙනෙකුට අධිකරණය හෝ පොලීසිය මගින් ඇප ලබා දී ඇත.61 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ පොලිස් ස්ථානවල රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටී.
    දමිළ 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 125 දෙනෙකුට මේ වන විට අධිකරණය හෝ පොලීසිය මගින් ඇප ලබා දී ඇත.14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ පොලිස් ස්ථානවල රැඳවුම් නියෝග මත රදවා ගෙන සිටී.

    මුස්ලිම් 1820 ක් අත් අඩංගුවේ පසු වෙනව. එයින් 1261 ක් ඇප මත මුදාහැර ඇති අතර 559 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ පොලිස් ස්ථානවල රුඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටී. මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව දත්ත පහත දැක්වේ.
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන ප්‍රතිපාදන අනුව අත් අඩංගුවට ගත් ගණන 575 කි. සිංහල 25, දමිළ13 සහ මුස්ලිම් 537 ක් වශයෙනි. ඒ වගේම හදිසි අවස්ථා නියෝග යටතේ අත් අඩංගුවට ගෙන තිබෙන ගණන 213 කි. සිංහල 66, දමිළ 06 ක් සහ මුස්ලිම් 141 ක් වශයෙනි.
    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ඓCCඵ්ර්‍ ඇcට්) පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන 72 කි. සිංහල 45, දමිළ 01 සහ මුස්ලිම් 26 ක් වශයෙනි.
    මීට අමතරව සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන 1429 කි. සිංහල188, දමිළ 120 සහ මුස්ලිම් 1121 ක් වශයෙනි. ඊයේ සවස ගොතටුව පොලිස් වසමේ මුල්ලවත්ත පාර ප්‍රදේශයේදි වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය. මේ මරණකරු වයස අවුරුදු 40 ක් වූ පත්තිණිගේ තුෂාර වෛශාන්ත නැමැත්තෙකි. ඔහු IDH පාර ගොතටුව ලිපිනයේ පදිංචි අයෙකි. වෙනත් නිවසකට යතුරු පැදියකින් ගොස් සිටිය දී ඒ නිවසේ ගේට්ටුව අසල දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගවට ගැනීමට ගොතටුව පොලීසිය විමර්ශන සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya