අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් වූ ප්‍රචාරක වැඩපිළිවෙල පිළිබඳ පූර්ව සකච්ඡාවක්

    ජූනි 03, 2019

    ජුනි 26 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජූනි 23 සිට ජූලි 01 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් හා මහජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙල සමඟ සෘජුව සම්බන්ධවන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවැත්විණි.

    එහිදී යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පූර්ව මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළේ ය.

    මෙම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය පෙන්වා දුන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඒ සඳහා සියලු ආයතන ඒකරාශී වෙමින් මේ සඳහා සහයෝගය දැක්වීම උචිත බව  පැවසීය. එමෙන් ම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සඳහා ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලබාදීමට සූදානම් බව ද පැවසී ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya