අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය පණ්ඩිතිරප්පු නව තෙල් මෝල ජනතා අයිතියට-සමූපකාර ක්‍රමය යළි ශක්තිමත් කිරීම රුපියල් මිලියන 1000ක්

    ජූනි 03, 2019

    යාපනය පණ්ඩිතිරප්පු සමූපකාරය මඟින් ඉදිකළ නව තෙල් මෝල මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

    සමූපකාර ක්‍රමය ඉතා ප්‍රචලිතව පවතින මෙම පණ්ඩිතිරප්පු ප්‍රදේශයේ සමූපකාර රැසක් ක්‍රියාත්මක අතර මිනි කෝප් සිටි සුපිරි වෙළෙඳ සල් 5ක්, ක්‍රියාකාරී ග්‍රාමීය බැංකු 13ක් සහල්, තෙල් මෝල් ඇතුළු ආයතන රැසක්  ක්‍රියාත්මක ය.

    අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ, සංවර්ධනය එක් දිස්ත්‍රික්කයකට හෝ පළාතකට සීමා  නොවිය යුතු බවයි. සංවර්ධනයේ අරුණලු සියලු පළාත් පුරා විසිරි යා යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා  සිටියේ,මෙවර අයවැය මගින් කුඩා පරිමාණ ව්‍යවසාය නංවාලීම සඳහා වෙනුකරනු ලබන්නේ එබැවින් බවයි.

    සමූපකාර ක්‍රමය යළි ශක්තිමත් කිරීම සඳහා 2018 අයවැය මගින් රුපියල් මිලියන 1000ක් වෙන් කෙරුණු අතර  මෙවර අයවැය මගින් එය තව දුරටත් ශක්තිමක් කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya