අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයේ ක්‍රියාත්මක කරන ජනතාවාදී වැඩසටහන්වලට පහර දි දේශපාලන ප්‍රතිරූපයට හානි කිරීමට ඇතැමුන් සංවිධානාත්මක ව උත්සාහ කරනවා -අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 02, 2019

    අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දී තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් 592 ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිණි.

    පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ක්‍රමය හඳුන්වා දි සිසු දරුවන්ට උසස් තත්ත්වයේ නිල ඇඳුමක් ලබා දීමටත් නිල ඇඳුම් ලබා දීමේ දී එතෙක් පැවති දූෂණ හා අක්‍රමිකතා නවතා කිසිවෙකුටත් අත යට ගනුදෙනු කරගත නොහැකි වන පරිදි විනිවිද පෙනෙන ආකාරයෙන් වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කළ බැවින් රජයට රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කර ගැනිමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

     සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බන්ධ‍යෙන් ඇතැමුන් විවේචන කළත් සුරක්ෂා රක්ෂණාවරණය එම පෞද්ගලික ආයතනයට ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වපසරිය යටතේ සිදුකළ ක්‍රියාවක් ‍නොව අභියාචනා කමිටුවක් මගින් සිදුකරන ලද්දක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    උපාධි ගුරුවරුන්ට තමන් උපාධියට හදාරන ලද විෂයයන් ම පාසලේ දී ඉගැන්වීමට ද අවස්ථාවක් නොලැබීම අධ්‍යාපනයේ එක්තරා දුර්වලකමක් වශයෙන් සඳහන් කළ අමාත්‍යවරයා පින්ලන්තය වැනි දියුණු රටවල අධ්‍යාපනයේ ඇති ගුණාත්මක තත්ත්වයන් මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීමේ වැදගත්කමත් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද වැඩබලන අධ්‍යාපන ලේකම් තිස්ස හේවාවිතාන මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya