අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය සහන සේව වැඩසටහන මාතලෙන් අරඹයි

    ජූනි 01, 2019

    සියලුම රාජ්‍ය අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් අග්‍රමාත්‍ය කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන අග්‍රාමාත්‍ය සහන සේවා වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන අද (01) මාතලේදී ආරම්භ කරන ලදී.

    මාතෙල් ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලෙය්දී පවත්වන ලද මෙම ජංගම සේවය තුළින් ජනතා ගැටළු රැසක් සදහා ක්ෂණික විසදුම් ලබා දීම සිදු කෙරුණි.

    අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත දියත් කරන මෙම වැඩසටහන ඉදිරියේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ගැමි ජනතාවගේ ගැටළු සදහා ක්ෂණිකව විසදුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ රියදුරු බලපත් නිකුත් කිරීම, උප්පැන්න සහතතික, සහ ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක් දන සේවාවක්ද පවත්වන ලදී. මීට අමතරව විවිධ ආපදා සදහා වන්දි ගෙවීම්, හානි පූර්ණ වන්දි ගෙවීම්,කෘෂි රක්ෂණ වන්දි ගෙවීම්, ඒ 9 මාර්ගය වෙනුවෙන් ඉඩම් ලබා දුන් පුද්ගලයන්ට වන්දි ගෙවීම් සහ ඉඩම් ගැටළු විසදීමේ සේවාවන් රැසක් ලබා දෙන ලදී.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක සේවය ඒකම ස්ථානයකදී ලබා දෙන ලදී. ජංගම සේවා පරිශ්‍රයේ ස්ථාපිත කොට තිබූ අග්‍රාමාත්‍ය කාර්යාලෙය් දී අග්‍රාමාත්‍යතුමන් විසින් ජනතා ගැටළු කෙරෙහි තම පෞද්ගලික අවධානය යොමු කිරීමටද කටයුතු යොදන ලදී.‍

    මෙම අවස්ථාව සදහා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අඵවිහාරේ, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය රංජිත් අළුවිහාරේ යන අමාතයවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාව සදහා සහභාගී වූහ.

    ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය අමාත්‍යංශයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබන මෙම ජංගම සේවා වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් පවත්වන ලදී. ජූනි මස 01 දින ආරම්භ කළ මෙම ජංගම සේවා වැඩසටහන මාතලේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට (02) යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් පැවැත්වෙන ජංගමස්වා වැඩසටහන යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya