මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉහළම ආදායම් ලබන කර්මාන්තය බවට මිරිදිය ධීවර කර්මාන්තය පත් කරනවා -ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ජූනි 01, 2019

    ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් ලබන කර්මාන්තය බවට මිරිදිය ධීවර කර්මාන්තය පත් කිරීම සදහා රජය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

     

    මෙම වැඩපිළිවෙල යටතේ රට අභ්‍යන්තරයේ සියලු ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

    අනුරාධපුර , කලාවැව ,විජිතපුර පිහිටි ජාතික මිරිදිය පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගිය දින ආරම්භ වූ ආහාර හා පෝෂණය සුරක්‍ෂිතතාව පිළිබඳ දෙදින විද්‍යාත්මක සමුළුවේ සමාරම්භක උත්සවයේ දේශනය පවත්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජලජිවි වගාව පිළිබඳ මෙම විද්‍යාත්මක සමුළුව සංවිධානය කර තිබුනේ ප්‍රථම වතාවටය. ආහාර හා පෝෂණය පිළිබද සුරක්‍ෂිතතාව , ජලජිවි වගාවේ නව සොයාගැනීම් ,මිරිදිය ධීවර කර්මාන්තයේ සහ ජලජිවි වගාවේ අනාගත අභියෝග,ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම, නව විදේශ විනිමය උපයාගැනීම,නව සොයාගැනීම් පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විදිමත් වැඩපිළිවෙලක් සැකසීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්ක කර ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මෙම විද්‍යාත්මක සමුළුව සංවිධානය කරණු ලැබිය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya