අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල ආරක්ෂාව උපරිම ලෙස ලබාදී තිබෙන බැවින් කට කතාවලට නොරැවටෙන්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 30, 2019

    පාසල්වල ආරක්ෂාව උපරිම ලෙස ලබාදී තිබෙන බැවින් කට කතාවලට නොරැවටී තම කටයුතු සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ජනමාධ්‍ය වෙත අද (30) විශේෂ ප්‍රකශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීය.

    පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අදත් නොයෙක් කට කතා පැතිරෙන බව නිරීක්ෂණය වුණා. පාසල්වලට අවශ්‍ය උපරිම ආරක්ෂාව පොලීසිය ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබෙනවා. අවශ්‍යතාවය අනුව සමහර පාසල් වලට ස්ථානීය ආරක්ෂාව ලබා දී තිබෙනවා.තවත් සමහර පාසල් සඳහා පොලිස් ජංගම සංචාර පොලිස් යතුරු පැදි සංචාර මඟින් අවශ්‍ය ආරක්ෂාව ලබදී තිබෙනවා.

    එමෙන් ම පාසල් අවට නිරන්තර සෝදිසි කිරීම් සිදු කෙරෙනවා.එවැනි තත්ත්වයක් හමුවේ මේ පැතිරෙන කටකතා නැවතත් ප්‍රතික්ෂේප කරනවා, බැහැර කරනවා. ඒ නිසා ඉල්ලා සිටිනවා කටකතාවලට නොරැවටී තම තමන්ගේ කටයුතු සිදු කරන්න කියලා.

    පොලිස් විශේෂ කාර්යංශය මඟින් කොළඹ පාසල් 2ක් සම්බන්ධයෙන් එක්තරා තොරතුරු කීපයක් ලබා දී තිබුණා. ඒ තොරතුරුවල සඳහන් වෙලා තිබුණේ,බම්බල පිටියේ පාසලක් සම්බන්ධයෙන් එම පාසල යාබද ඇල මාර්ගය ආවරණය වන පරිදි ඉදි කර ඇති දැල් වැට තැනින් තැන කැඩී ගොස් තිබෙන බවත් එම පාසලේ ගබඩ කාමරවල අබිලි  ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩගසා තිබෙන බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා ලබා දී තිබුණු එක් තොරතුරක සඳහන් වෙලා තිබුණා.

    එමෙන් ම තවත් තොරතුරක සඳහන් වී තිබුණේ,කුරුඳුවත්ත ප්‍රදේශයේ තිබෙන තවත් පාසලක් ගැන. මේ පාසල ආරම්භ කරන හා අවසන් කරන අවස්ථාවල දී පාසල ඉදිරිපිට වාහන විශාල වශයෙන් නවතා තබනවා ඒ පිළිබඳව අවධානය යොමු කර වාහන හැකි තාක්දුරට නවතා තැබීම අවම කර ගන්නා ලෙසටයි,තොරතුර මඟින් දැනුම් දී තිබුණේ.

    මේ තොරතුරු පිළිබඳව අදාළ පාසල් දැනුවත් කිරීමේ දී යම් සන්නිවේදන දුර්වලතාවයක් සිදුව ඇති බව නිරීක්ෂණය වෙනවා. මේ තොරතුරු කටකතාවක් දක්වා වැඩි දියුණු වෙලා පැතිරිලා තිබෙන්නේ කියන එක පැහැදිළිව නිරීක්ෂණය වී තිබෙනවා. කටකතාවලට නොරැවටී තම කටයුතු සිදු කරන්න පාසල්වලට උපරිම ආරක්ෂාවක් ලබා දී තිබෙන බැවින් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya