අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජූනි මස තෙවන සතියේ සිට

    මැයි 30, 2019

    2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    2012 සහ 2013 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතු වූ ගැටලු ද නිරාකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙලෙස කණ්ඩායම් දෙකක් වශයෙන් බ‍ඳවා ගැනීමට නියමිතයි.

    මේ අනුව පාඨමාලා 27 ක් සඳහා 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිළුල මත 4000 ක් ද, 2017 වර්ෂයේ ප්‍රතිඵල මත 4000 ක් ද වශයෙන් මුළු ශික්ෂණලාභීන් 8000 ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 ක් සඳහා බඳවා ගැනීමට නියමිතයි.

     2019 ජූනි මස මුල් සතියේ දී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි තැපැල් කිරිම සිදු කෙරෙන අතර ජූනි මස තෙවන සතියේ සිට විද්‍යාපීඨ මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya