අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය වෙනුවෙන් පරිසර සතියක්- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්

    මැයි 30, 2019

    ජූනි 05 වැනි දිනට යෙදී තිබෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් පරිසර සතියක් නම් කර ඇති අතර ඊට සමගාමීව රාජ්‍ය ආයතනවල පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ඒ අනුව, පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ පරිසර හිතකාමි ඇසුරුම් ප්‍රවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

     මේ යටතේ දිවයින පුරා සිටින පරිසර හිතකාමී ඇසුරුම් නිෂ්පාදකයින් හදුනා ගැනීම සිදු කෙරෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන මහජනතාව අතර ප්‍රචලිත කිරීමට ජනමාධ්‍ය සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලැබේ.

     ඒ සඳහා, පරිසර හිතකාමී ඇසුරුම් නිෂ්පාදකයින් තම නිෂ්පාදන පිළිබඳ තොරතුරු 0112512015 යන දුරකතන අංකය ඔස්සේ ලබාදෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya