මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක වඳ සැත්කමක් හෝ සිදුකර ඇති බව ඔප්පු වුවහොත් නිසි දඩුවම් දෙනවා- ඇමති රංජිත් මද්දුම බණ්ඩාර

    මැයි 28, 2019

    කුරුණෑගල දී අත් අඩංගුවට පත් ව්‍යෛවරයා විසින් වඳ සැත්කම් 8000 ක් නොව එකක් හෝ සිදුකර ඇති බව පරීක්ෂණ වලින් ඔප්පු වී වරදකරු වුවහොත් ඒ සදහා නිසි දඩුවම් දීමට රජය පසුබට නොවන්නේ යැයි රාජය පරිපාලන හා ආපද කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩර මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ඇමතිවරයා, පසුගිය කාලයේ සිදුවී ඇති මෙවැනි සිද්ධීන් පිළිබදව පැවති රජය කිසිදු පියවරක් නොගත් බව කීය.

    පොලිස් නිලධාරින් 600 ක් ඝාතනය කළ දළදා මාළිගාවට බෝම්බ ගැසු,ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊ නායකයකු වන කරුණා අම්මාන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමර්ගයක් නොගත් පසුගිය රජය ඔහුට ආණ්ඩුවේ ඇමති තනතුරක්ද ලබාදුන් බවත් එහෙත් වර්තමාන ආණ්ඩුවේ චේදනා එල්ලවු ඇමතිවරුන් තිදෙනෙකුට ඉල්ලා අස්විමට සිදුවු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, පොලිසිය හා ත්‍රිවිධ හමුදා විසින් දැන් ත්‍රස්තවාදය පාලනය කොට ඇති බවත්, ත්‍රස්තවාදය මර්ධනය කිරීමට රජය අවශ්‍ය නීති දැන් සකස් කරගෙන යන බවත් කීය.

    අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් හා එයට අදාළ සිද්ධීන් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට(29) සිට පරීක්ෂණ අ‍රඹන අතර එම පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු කෙරේ. එහි සාක්ෂි විභාග වාර්තා කිරීම සදහා මාධ්‍ය වලටද අවසර ලබාදී ඇත. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක කටයුතු මාධ්‍යයට විවෘත කොරන්නේ ඉතිහාසයේ පළමුවරට බවද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya