අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනින් මාතර රාජ්‍ය නිලධාරීන්ට කජු පැළ

    මැයි 28, 2019

    ජනාධිපති කාර්යාලයේ පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාව මගින් නිෂ්පාදනය කරන ලද කජු පැළ 2670 ක් බෙදා දීම පසුගියදා සිදු කෙරිණි.

    එහි සමාරම්භක වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ඒ අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කජු පැළ 400 ක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 365 ක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 350 ක් ද, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 375 ක් ද, කොටපොළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 400 ක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 230 ක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 200 ක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කජු පැළ 350 ක් ද වශයෙන් කජු පැළ 2670 බෙදා දීම සිදු කරන ලද බව මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය පැවසුවා ය.

    සමාරම්භක අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා සහ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya