මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හයක් නාවික හමුදා අත්අඩංගුවට

    මැයි 26, 2019

    මුලතිව්, ගරුකන්ද ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී  ඊයේ(මැයි 25) නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06)නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ගරුකන්ද ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අඩි 450 ක් දිගැති තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya