මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදය ජනපති හමු වෙයි

    මැයි 26, 2019

    ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සාමාජිකයන්  (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    රට තුළ පසුගිය දා ඇති වූ තත්ත්වයත් සමඟ ආරක්ෂක හේතුන් මත සංගීත ප්‍රසංග පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් මෙහි දී ඔවුන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

    එම සියලු ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya