මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි

    මැයි 25, 2019

    සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ නියෝජිත පිරිසක් අද (මැයි 25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එතුමා මුණගැසී සාකච්ඡාවක නිරතවූහ.

     

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ එම ප්‍රහාරය වලක්වා ගැනෙමට අපොහොසත්වීම පිළිබඳව දේශපාලනික සහ ආයතනික වගකීම පිළිබඳව සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.
    මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බවත්, එහි කටයුතු මජනතාවට දැනගැනීම පිණිස ජනමාධ්‍ය වෙත විවෘත කිරීම ට කථානායකතුමන් එකඟ වී ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්, ඩබ්ලිව. සිරිල්, ආචාර්ය ජෙහන් පෙරේරා, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිර්සක් සහභාගි වූහ.
    මේ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya