අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    මැයි 25, 2019

    නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) අළුයම උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදාව පවසයි.

    ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද වෙත්තල‍කර්නි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇත බවට සැක පළ කෙරේ.

     අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya